Bodh Gaya - බුද්ධගයාව
The Land of Enlightenment
වර්තමාන බිහාර් ප්‍රාන්තයේත් පැරණි මගධ රාජ්‍යයේත් කොටසකි. නේරංජනා නදිය අසබඩ පැරණි භද්‍ර වනයේ කොටසකි. (256 KM) මීට වසර 2550 කට ප්‍රථම සිදුහත් ගෞතම තාපසයානෝ අසල ඇති උරුවෙල් දනව්වේ දුෂ්කර ක්‍රියාකර හමාරව සේනානි ගමෙන් පිඩුසිගා වළදා සුවපත්ව පසුව සුජාතාවගේ කිරි පිඩු වළදා නේරංජනාවේ සුපඨිත්තිත තොටුපලේදී පාත්‍රය උඩුගම් බලා යවා ඒකාන්තයෙන්ම
බුදු වන බව දැන භදු වනයේ ආනාපානසතිය වඩා අනතුරුව සොත්ථිය බමුණා දුන් කුස තණ මිටි අට රැගෙන මෙම ස්ථානයට පැමිණ ඒහි වූ ඇසතු බෝ මුල ඵලා චතුරංග සමංගත වීර්යයෙන් යුතුව භාවනා කොට අනුක්රමයෙන් පුබ්බේනිවාසානුස්සති, චතූප්පාත ඥානය ආදිය උපදවා පටිච්ච සමුප්පාදය පදනම් කරගෙන විදසුන් වඩා එක් වෙසක් පොහෝ අළුයමේ කෙළෙස් නසාලූහ. ආසවක්යඥාණ, ආදී ත්‍රිවිධ්‍යා ලබා දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග, සතර අවබෝධ කර සර්වඥතා ඥාණ ලබා ගැනීමෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වූ දස බිම්බර මාර සෙනග පැරදු ජය ශ්‍රී මහා බෝධී මුලයත් වජ්‍රාසනයත් මෙහිදී දැක ගත හැක. බු.ව.250 පසුව අශෝක රජතුමා මෙම ස්ථානයට පැමිණ පංසල කරවු අතර බුද්ධත්වයට පැමිණි තැන වජ්රාසනයද ගලින් කරවන ලදී. මෙම ස්ථානය විශ්වයේ පිළිගත්ම ස්ථානය ලෙස නම් වේ. (ප්‍රසිද්ධ) (Repu-ted center)