Kushinagar - කුසිනාරා - (මල්ල ජනපදය)
Final Nirvana
Tucked away in the calm heart of Uttar Pradesh, Kushinagar is the sacred ground where the Buddha’s earthly journey came to an end. This quiet town, once part of the Malla Kingdom, carries the weight of history as the place where the Buddha attained Parinirvana.
Surrounded by the gentle flow of the Hiranyavati River and dotted with centuries-old monuments, Kushinagar is a deeply moving place. The reclining Buddha statue within the Mahaparinirvana Temple is a focal point for visitors, inviting contemplation and stillness. It’s a destination that encourages quiet remembrance and gratitude for a life that changed the world.
පරිනිර්වාණ චෛත්‍යය
මෙම ස්ථානයේදී බුදුරදුන් පිරිණිවන් පෑ වදාළ සේක.එම ස්ථානයේ පසු කලෙක ධර්මාශෝක රජතුමා විශාල අන්දමට ගොඩ නගා තිබි පසුව ජරාවාශ තිබුන අතර 1927 දී බුරුම බෞද්ධයන් කිහිප දෙනකුගේ නොමසුරු ආධාරය මත ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙහි පරිනිර්වාණ චෛත්‍යය 1957 බුද්ධ ජයන්ති උත්සවයේදී නැවතත් ප්‍රතිසංස්කරණය කරන ලදී.
පිරිනිවන් විහාරය
මෙය විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා නිර්මාණය කලා යැයි මුඛ පරම්පරාවේ සදහන් වේ. 5 වන සියවසේ දී මෙම ප්‍රතිමාව හරිබල නැමැති කලා කරුවා විසින් නිර්මාණය කර ඇත. මෙය දින්න හාමුදුරුවන්ගේ ආරාධනය පිට නිර්මාණය කරන ලදී. 1956 දී මෙය ප්‍රතිසංස්කරණය කර මෙම කුටිය ජවහල්ලාල් නේරු විසින් නිර්මාණය කරන ලදී. 1956 මහා පරිණිර්වාන චෛත්‍ය ද කරවන ලදී. මෙහි ආනන්ද හිමි හඩා වැලපීම, මල්ලිකාව හඩා වැලපීම සුභද්‍ර ධර්මය ඇසීම නිර්මාණය කර ඇත.